Windows 7/8 මෙහෙයුම් පද්ධතිය සිංහලට හරවමු - How to add Sinhala interface for Windows 7/8




සමහරවිට මම මේ කියන්න යන දේ ගැන ඔයා දන්නවත් ඇති. නොදන්න අයටයි මේ කියල දෙන්න යන්නේ. ලඟදි ෆේස්බුක් එකත් සම්පුර්ණයෙන්ම සිංහලට හරවන්න පුළුවන් උනානේ. ඒ වගේම windows මෙහෙයුම් පද්ධතියත් එහෙම හරවන්න Microsoft සමාගමෙන් ඉඩ සලසල තීනවා. මේකේ පොඩි ආතල් එකකුත් තීනවා.
මේ වැඩේ ඇවිල්ලනම් දැන් ටිකක් කල් වෙනවා. ඒත් ගොඩක් අය මේක දන්නේ නෑ. මම පුළුවන් තරම් සරල විදියට සිංහල දා ගන්න හැටි කියල දෙන්නයි යන්නේ. මේකට මුලින්ම ඔයාගේ Operating System එකට අදාළ ලැන්ග්වේජ් පැක් ඩවුන්ලෝඩ් කරන් ඉන්න ඕනේ...
මම නම් දැම්මේ වින්ඩෝස් 8.1  වලට. 
මුලින්ම පහල  ලින්ක් වලින් ගිහින් මේ විදියට ගැලපෙන පැකේජ් එක බාගන්න..

               Windows 7 සඳහා                Windows Vista සඳහා  

               Windows 8 සඳහා                Windows 8.1 සඳහා 




 මතක ඇතුව තමන්ට ඕනේ 32bit ද 64bit ද කියල හරියට බලලා ඩවුන්ලෝඩ් කරන්න. 


දැන් ඩවුන්ලෝඩ්  වුනු file එක open කරලා  සිංහල කියන තැනට ටික් එක දාල next කරන්න 


දැන් ආපහු මේ විදියට ටික් එක දාල  next කරන්න.


ඊළඟට එන ඒකත් next කරලා දාන්න..


දැන් එහෙනම් මේ විදියට් install වෙනවා පෙනේවි..


windows 7 use කරන අය  install වෙලා ඉවර උනාට පස්සේ next කරලා display
 language එක විදියට සිංහල තෝරලා Change display language කියන බට්න් එක ඔබන්න. ඊට පස්සේ මැෂින් එක log off කරන්න. 

windows 8 use කරන අය  Control Panel එකට යන්න. ඊළඟට මේ තියෙන පිළිවෙලට යන්න 




සිංහල කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න 

primary language එක විදියට තෝරන්න 

දැන් log off කරලා ආපහු log වෙනකොට වැඩේ හරි ගිහින් තියෙයි...

මේක දා ගත්තා වගේම අයින් කරන්නත් ඕන උනොත්...

මුලින්ම පාලක පුවරුවට යන්න, ඊට පස්සේ කලින් වගේම  


ඊළඟට 

English කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න 

ප්‍රාථමික භාෂාව විදියට තෝරන්න 

දැන් වරන්න. :D (Log off කරන්න )

එහෙනම් ඔන්න වැඩේ ඉවරයි. ගොඩක් මහන්සිවෙලා දාපු පෝස්ට් එකක්.. කමෙන්ට් එකක් එහෙම දාල යන්න අමතක කරන්න එපා.. අවුලක් එහෙම තීනවනම් අහන්න...
















Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. මේ පේජ් එක ලෝඩ් වෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. ලින්ක් වල පොඩි අවුලක් වෙලා තිබුනා. දැන් හරි නේද බලන්න? ගොඩක් ස්තූතියි දැනුවත් කරාට.

      Delete
  2. patta yaluwawa.. ubanam niyama porak.. mata podi deyak danagaththakida yaluwa...msg ekak dapan 0719492792 PC danawwa kiyala dapan

    ReplyDelete