පෙන් එකෙන් විනාඩි 5න් Windows ගහමු.


ගොඩක් වෙලාවට අපි Windows දාන්නේ  DVD එකකින්නේ.. සමහර වෙලාවට DVD එක හීරිලා එහෙමනම් වැඩේ අවුල් යනවා. එක්කෝ වෙලාව වැඩියෙන් යනවා. මේ ක්‍රමේදී අපි කරන්නේ USB Drive එකක් පාවිච්චි කරලා Windows දාන එක. වැඩේ ඉක්මන් වගේම හරියට කෙරෙනවා.
එහෙනම් බලමු මේක කරන හැටි.

මුලින්ම පෙන් එක Bootable drive එකක් විදියට ෆෝමැට් කරගන්න ඕනා. සාමාන්‍ය විදියට ෆෝමැට් කරලා හරියන්නේ නෑ... එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ... මතක ඇතුව කමාන්ඩ් හරියටම ගහන්න

  •  පෙන් එක මැෂින් එකට ගහලා එකේ තියෙන අවශ්‍ය දේවල් එහෙම කොහෙටහරි කොපි කරලා ඉන්න.
  • දැන් කීබෝඩ් එකේ Windows+R keys ප්‍රෙස් කරලා Run එක ඕපන් කර ගන්න 
  • දැන් diskpart කියල ටයිප්  කරලා ok ක‍රන්න

  • දැන් ඕපන් වෙන window එකේ list disk කියන කමාන්ඩ් එක ටයිප් කරලා enter ගහන්න

  • ඊළඟට එන ඩිස්ක් ලිස්ට් එකේ ඔයාගේ පෙන් එක හරියට තෝරගන්න. (size එකෙන් බලන්න) මගේ නම්  disk 3
  • දැන් ඊළඟට select disk කියලා ටයිප් කරලා ඔයාගේ disk එකේ නම්බර් එක ගහල enter කරන්න         ( select disk 2 )

  • ඊළඟට clean කියල ගහල enter කරන්න


  • ඊළඟට create partition primary කියල ගහල එන්ටර් කරන්න


  • දැන් select partition 1 කියල ගහල enter කරන්න


  • දැන් active කියල ගහල enter කරන්න


  • ඊළඟට format fs=ntfs quick කියල ගහල එන්ටර් කරන්න

  • අන්තිමට exit කියල ගහල exit වෙන්න 
දැන්  අමාරු හරිය ඉවරයි..  ඊළඟට ඔයා ළඟ තියෙන්නේ  වින්ඩෝස් DVD එකක්නම් ඒක රොම් එකට දාල new window එකකින් ඕපන් කරගන්න.
 කොම් එකේ ඉමේජ් එකක් තියෙනවනම් Daemon Tools හරි Power iso හරි ඒ වගේ සොෆ්ට්වෙයා එකකින් මවුන්ට් කරගන්න. Daemon Tools නැත්නම් මෙතනින් බාගන්න. එහෙනම්  ඉමේජ් එක හරි DVD එක හරි ඕපන් කරගෙන ඒකෙ තියෙන ඔක්කොම file ටික අපි ෆෝමැට් කරගනිපු පෙන් එකට කොපි කරන්න. 

 ඊට පස්සේ කොම් එක Restart කරලා බූට් වෙද්දී Bios Settings වලින් First Boot Device එක විදියට පෙන් එක තෝරලා සාමාන්‍ය විදියට වින්ඩෝස් දාගන්න. මටනම් විනාඩි පහයි ගියේ.  අවුලක් තියෙනවනම් කමෙන්ට් එකක් දාල අහන්න.  එහෙනම් අපි ගියා. කමෙන්ට් එකක් දාල පොඩි සප් එකක් දෙන්නත් අමතක කරන්න එපා. 


Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment