මගේ කථාව...

අදනම් දාන්න යන්නේ සොෆ්ට්වෙයා එකක් ගැනවත් වෙන දෙයක් ගැනවත් නෙවේ. බ්ලොග් එක පටන් ගත්ත හැටියි ඉදිරියට කරන්න හිතං ඉන්න දේවල් ගැනයි පොඩි විස්තරයක් දෙන්න. මුලින්ම මගේ පරිගණක අතීතය ගැනත් කියලම ඉන්නම්. අතීතය කිව්වට ලොකු අතීතයක් නැහැ. 2009/11/12 තමා කම්පියුටරේ ගෙනාවේ. ඒ කියන්නේ මම ඒ ලෙවල් කරන්න පටන් ගනිපු අවුරුද්දේ.
ඇත්තෙන්ම කියනවනම් එදා ඒක ගෙනල්ලා  monitor, ups, system unit, mouse කෑලි ටික ගලපලා හයි කරගන්න තරම්වත් තේරුමක් තිබ්බේ නෑ. යාලුවෙක් තමා ඒ ටික ගලපලා දුන්නෙත්. කොහොමහරි ඒ දවස් වල වැඩි වෙලාවක් කොම් එකේම තමයි. දැනටත් වෙනසක් නෑ. මම ඉතින් කොම් එකේ දන්න දේකුත් නැහැ අනන් මනං අහු වෙන දේවල් කර කර පොඩි ගේම් එකක් ගහලා ෆිල්ම් එකක් බලලා ආතල් එකේ හිටියා. දවසෙම ඒකෙ ඉන්නකොට ගෙදරින් බනිද්දි මම කිව්වේ "හරි හරි ටික දවසක් යද්දී මේකේ ආසාව ඇරිලා යයි කියලා" කොහොමින් කොහොමහරි එක එක සොෆ්ට්වෙයා දාගෙන වැඩ කරද්දී ආසාව වැඩි උනා මිසක් අඩු උනේනම් නෑ.. ඔය වැඩ හින්දා මාසෙකට  දෙකකට පාරක්වත් වින්ඩෝස් අලුතින් දාන්න උනා. ඒ හැමදේම වැරදි වැරදි හරි තනියම කරගත්තා මිසක් කවදාවත් shop එකකට දීල නම් කරගත්තේ නෑ.. ඔයාලටත්  කියන්න තියෙන්නේ මුලින්ම වින්ඩෝස් දාන්න ඉගෙන ගන්න. ඊට පස්සේ මොන දේටවත් බය වෙන්න එපා. මොකම ලොකුම දේකට වෙන්න තියෙන්නේ වින්ඩෝස් දාන එක තමා. ඇත්තෙන්ම කියනවනම් මම කිසිම කම්පියුටර් කෝස් එකක්වත්, ක්ලාස් එකකටවත් ගිහිල්ලා නෑ.. තමන් මහන්සිවෙලා හොයාගෙන වැරදි වැරදි ඉගෙන ගන්න දේ හිතට ගොඩක් වදිනවා.
                                              කොහොමහරි ඔය සොෆ්ට්වෙයා කෑලි හොයන්න නෙට් එක පීරද්දී තමයි මම බ්ලොග් වලට ගොඩවෙන්නේ. ඒ දවස් වල මටත් ඇති උනා මගේම බ්ලොග් සයිට් එකක් පටන් ගන්න ඕනේ කියල. කොහොමහරි ඒ ලෙවල් නිසා මැෂින් එක අවුරුදු එකහමාරක් විතර පැත්තකට දාල තියන්න සිද්ද උනා. ඒ දවස් වල පවා ෆෝන් එකෙන් නෙට් ගිහිල්ලත් පොඩි පොඩි මොබයිල් සයිට් වගේකුත් හැදුවා. කොහොමහරි ඔන්න එක්සෑම් ඉවර වෙලා කාලයක් තිස්සේ තිබ්බ ආසාව 2013/12/15 වෙනිදා ඉටු කර ගත්තා. මට මතකයි මේකේ PCදනව්ව කියන නම දාන්නත් මම කොඉ තරම් නම් ගානක් හිතුවද. කොහොමහරි ඔන්න ඔහොම තමයි බ්ලොග් එක පටන් ගත්තේ. කාලයක් නම් බ්ලොග් එක පැත්තේ එන්නවත් බැරි උනා.
                              මේ බ්ලොග් එකේ මම කවදාවත් වෙන බ්ලොග් එකකින් කොපි කරගෙන දෙයක් දාල නෑ.. ඒ වගේම මේකේ දාන හැම දෙයක්ම මම අත්හදා බලලා තමයි දාන්නේ.  ඒ නිසා මේකේ තියෙන ඕනෙම දෙයක් කරද්දී හරි ගියේ නැත්නම් කමෙන්ට් එකක් දාල අහන්න.  ඇත්තෙන්ම කියනවනම් බ්ලොග් එකට කමෙන්ට් වැටෙන්නේ නම් හරිම අඩුවෙන්. ඒත් මට page views ගානෙන් පේනවා ගොඩක් අය මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියල.  ගොඩක් වෙලාවට මම පොස්ට් එකක් දාද්දි ඒක පුළුවන් තරම් සරල විදියට, ඕනෙම කෙනෙක්ට තේරුම් යන විදියට තමයි දාන්න උත්සහ කරන්නේ.  ඔයාලගේ අදහස් උදහස් යෝජනා චෝදනා වගේ දේවල් ඉදිරිපත් කරන්න ලේසි වෙන්න ෆේස්බුක් කමෙන්ට් බොක්ස් එකකුත් දාල තියෙන්නේ. ඉදිරියට මම මේකෙන් blogging ගැන සරල විදියට පෝස්ට් ටිකක් දාන්න හිතන් ඉන්නේ. මම දන්නවා මම මේකේ සමහර දේවල් හදාගන්න කාපු කට්ට. ඉතිං ඒ ගැනත් ඔයාලගේ අදහස් මොනවහරි තියෙනවනම් කමෙන්ට් එකකින් කියන්න. තව දෙයක්. අලුතින් Facebook Follow බට්න් එකකුත් දාල තියෙන්නේ. අලුත් පොස්ට් ගැන දැන ගන්න Follow පාරකුත් දාල තියන්න. එහෙනම් මම ගියා... ජය වේවා.
Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

11 comments:

  1. සුබ පැතුම් මචන්...

    අපිත් එනවා කියවන්න..

    ReplyDelete
  2. Ela machan,,,, digatama karagena yamu.

    ReplyDelete
    Replies
    1. අනිවා මචන්... තෑන්ක්ස්...

      Delete
  3. යාළුවා windows, dvd එකෙන් දාගන්න විදියත් අපිට සරලව කියල දෙන්ඩ බැරිද ?

    ReplyDelete
  4. Aragena theena uthsayath ekka gdaak adambarai! me blogeka pattai. mn meka langadi danagatte. well doneissarahatath hndata karagena yanna hnda post danna kiyala wish koranawa ! theruwan Saranai!

    ReplyDelete
  5. ගොඩා වැදගත් දෙයක් මල්ලී ඔයා මේ කරන්නේ. සුභපැතුම්

    ReplyDelete
  6. ela machan ..hugak vadagath post dala tiyenne

    ReplyDelete