පාර්ටිෂන් වල අයිකන් වෙනස් කර ගමුද???


        අපි හැමෝම ආසයිනේ අනිත් අයගේ මැෂින් එකට වඩා අපේ මැෂින් එක ටිකක් වෙනස් විදියට ලස්සනට තියා ගන්න.
මම මේ කියල දෙන්න යන්නේ පාටිෂන් එකේ අයිකන් එක මාරු කර ගන්න විදිය ගැන.. කරන්න තියෙන්නේ පොඩි දෙයයි මුලින්ම අයිකන් ටිකක් හොයා ගන්න. ඔයා ළඟ ලස්සන අයිකන් නැත්නම් මෙතනින් ගිහින් අයිකන් පැක් එක බාගන්න හැබැයි ගොඩක් අයිකන් තියෙන නිසා 35mb විතර තීනවා.

මෙහෙමයි දැන් වැඩේ. ඔයාට පාටිෂන් එකට දා ගන්න ඕන අයිකන් එක ඒ පාටිෂන් එක ඇතුලට කොපි කර ගන්න (නිකන්ම පාටිෂන් එක ඇතුලට දාන්න ෆෝල්ඩර් ඇතුලට නොදා). දැන් ඒ පාටිෂන් එක ඇතුලෙම  රයිට් ක්ලික් කරලා new text document එකක් ගන්න. දැන් එක ඕපන් කරලා මෙහෙම ටයිප් කරන්න.

[Autorun]
ICON=Limewire.ico
මම හයි ලයිට් කරලා තීන තැනට ඔයා දාන අයිකන් එකේ නම තියෙන විදියටම ටයිප් කරන්න. එහෙමත් නැත්නම් මේ විදියට කොපි පේස්ට් කරන්න
හරි දැන් එහෙනම් මෙන්න මේ විදියට සේව් කරන්න




දැන් අන්තිමට මෙහෙම තියේවි.

දැන් එහෙනම් වැඩේ ඉවරයි. කොම් එක රීස්ටාර්ට් කරලා බලන්නකෝ.  අයිකන් එකයි ඔටෝරන් ෆයිල් එකයි දෙකම හිඩ්න් කරලා දාන්න. කමෙන්ට් එකකුත් දාල යන්න අමතක කරන්න එපා...
මේ තියෙන්නේ අපි දැන් හදපු එක. මේ විදියට පෙන් එකේ අයිකන් එක උනත් වෙනස් කර ගන්න පුළුවන්.


Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment