Google Input Tools - ලේසියෙන්ම සිංහල ටයිප් කරමු




ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. Advanced System Care එකෙයි Driver booster එකෙයි අලුත් සීරියල් කී වගේම අලුත් වර්ෂන් එකට ලින්ක් අප්ඩේට් කරල ඇති.  හරි එහෙනම් අද දෙන්න යන දේ ගැන ටිකක් කියන්නම්කෝ.ගොඩක් අය මේ ගැන දන්නවා ඇති, ඒත් සමහර අය FB එකෙන් එහෙම අහනවා සිංහල ටයිප් කරන්නේ කොහොමද කියල.
මටත් ගොඩක් දෙනෙක්ට වගේ සිංහල කී බෝඩ් එක හුරු නෑ. මම ඒකට පාවිච්චි කරන්නේ google සමාගමෙන් දෙන input tool එක. මම මේ බ්ලොග් එක ලියන්න පාවිච්චි කරන්නෙත් මේක. මේක පාවිච්චි කරනකොට සිංහලෙන් ටයිප් කරන එක ගොඩක් ලේසියි. සාමාන්යෙන් අපි ෆෝන් එකෙන් මැසේජ් ටයිප් කරනවා වගේ සිංග්ලිෂ් වලින් තමයි ටයිප් කරන්න තියෙන්නේ. එතකොට Autoම සිංහලෙන් තමයි ටයිප් වෙන්නේ. copy paste කරන්න වගේ වැඩ මුකුත් නෑ
හරි එහෙනම් පහල තියෙන ලින්ක් එකෙන් යන්න


දැන් ඕපන් උන page එකේ මෙහෙම බොක්ස් එකක් ඇති
                                                                          ඒකෙ මම රවුම් කරලා තියෙන තැන් දෙකට ටික් දාල පහල තියෙන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික් කරන්න. දැන් ඩවුන්ලෝඩ් උණු සෙටප් ෆයිල් එක රන් කරන්න. එතකොට සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් වෙලා ඔටෝ ඉන්ස්ටෝල් වේවි. 
දැන් වැඩේ ඉවරයි.  ටාස්ක් බාර් එකට ගිහින් මේ විදියට සිංහල කියන එක තෝරන්න. 

දැන් එහෙනම් වැඩේ ඉවරයි. වැදගත් උනානම් කමෙන්ට් එකක් දාලම යන්නකෝ.

Share on Google Plus

About Charith Thambavita

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments: